දේශීය පුවත්

” මාව පටාචාරා තරමට පත් කරා… මම ඔයාට කිරි පෙව්වේ මෙහෙම මිහිදන් කරන්න නෙවෙයි.” දින එකොළහක් තම දියණිය සොයන මව

2025 නොවැම්බර් මස 27… එදා දවසත් වෙනදා වගේම මේ ගම්මානයට උදා වුණේ නව බලාපොරොත්තු සහිතවයි..පැවතුණ කාලගුණ තත්වයේ අකාරුණික බවත් පස් කදුවල වියරු බවත් මේ ගම්මානයේ අවසන් දවස ඒ වෙන විටත් තීරණය කරලා ඉවරයි.

වියලුව කන්දකැටිය පල්ලේකන්ද ගම්මානය පස්වරු 3.00 ට පමණ ස්ථාන කිහිපයකින් නාය යාමට ලක් වෙනවා. මේ නාය යාම නිසා තමන්ගේ දෑතින් මිදිලා හොර රහසේ සැඟව ගිය ආදරණිය දියණියව දින 11 ක් පුරාවට සොයන මවක් පිළිබඳ තොරතුරු අපට දැන ගන්න ලැබුණා….

මේ ආදරණිය අම්මා ඒ භයානක අවස්ථාව මෙන්න මෙහම විස්තර කළා .

“දවස් තුන හතරක් නොපාය වැස්ස තිබුණා. එගොඩ මෙගොඩවත් යන්න බැරි වුණා… ඒ තරමට ඔය ගොඩ ගලලා තිබුණේ.
මේ වත්ත මෙහෙම පහත් වුණේ ඒ කම්පාවෙන්…චුටි වතුර පහරක් ගියා විතරයි දැක්කේ…

පොළොව කැරකුණා…. දුවන පැත්තට දුවන්න බැරි වුණා. රූන් රූන් ගාල කැරකිල්ලක් තිබුණේ ඇතුළෙයි උඩයි. සුදු දෝණි නංචි ගහ ළඟට ඇවිල්ල හිටගෙන ” අන්න අච්ච වතුර” කියලා ඉස්සි ඉස්සි හිටගෙන බලාගෙන හිටියා….

එන්න යන්න… හුළඟ වැඩි කියලා මට සද්දයක් ඇහුණා. ඒ ලොකු සද්දෙත් එක්කම මම දෝණිගේ අත ඇල්ලුවා. ඒ එක්කම අයියෝ කියලා උඩින් යනවා වගේ දැනුණා… පිටිපස්ස බලන්න වෙලාවක් තිබුණේ නෑ …..”

21 හැවිරිදි ගයත්‍රී කාවින්දි උසස් අධ්‍යාපනය අවසන් කොට දහසක් බලාපොරොත්තු මැද විද්‍යාපීඨ අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍යාවක්.
කණගාටුව කාරණය තමයි මේ පස් කන්ද නාය යාම නිසා ගයත්‍රිගේ ආච්චිට සහ සීයටත් දිවි අහිමි වුණා. සීයාගේ සහ ආච්චිගේ සිරුරු පල්ලේකන්දේ මිහිදන් කළත් තම දියණියට සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳව මේ මවට ඇත්තේ තවමත් ප්‍රශ්නාර්ථයක්….?

ඇය හැඩූ කඳුලින් මෙසේ පැවසුවා.

” මාව පටාචාරා තරමට පත් කරා…. මම ඔයාට කිරි පෙව්වේ මෙහෙම මිහිදන් කරන්න නෙවෙයි. නංගියේ කියලා අපේ පුතා කෑ ගැහුවා..අපි තාමත් හොයනවා… මම තිස් පාරකට වැඩිය ඇවිලා මේ ලී කොටු අයින් කරලා කතා කරනවා එයාට…. එත් ඉතින් තාම දැක්කේ නෑ..

ආමි එකේ පුතාල එහෙම පහුවදා ආව.. දෙයියනේ මගේ දෝණි නෑ හොයලා දෙන්න. මට එක විතරයි කියන්න පුළුවන් වුණේ…. තාම මගේ හිත කියනවා එයා ඉන්නවා කියලා.. දුවන්න පුළුවන් මිසක කෙල්ලෙක් කියනවට වඩා කොල්ලෙක් වගේ එයා….”

ලංකාවට බලපෑම් එල්ල කළ දිට්වා සුළි කුණාටුව හමුවේ මෙවැනි ජිවිත කියක් නම් අකාලයේ මිය දෙන්නට ඇතිද ?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!