Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

යෝෂිත ගැන මේ ඇසෙන කතාවේ ඇත්ත නැත්ත මොකද්ද

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන මීට සුළු මොහොතකට පෙර ඇසුණු කතාවයි..

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට රුපියල් මිලියන 50ක ශරීර ඇප දෙකක් යටතේ ඇප හිමිව තිබෙනවා.

ඒ ඔහු අද(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පෙරේදා බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ අධිකරණයට රැගෙන එනු ලැබුවා.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!