අසත්‍ය තොරතුරු පැවසූ කටාන ඕ.අයි.සී ට වැඩ වරදී ? විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක්..!

අසත්‍ය තොරතුරු පැවසූ කටාන ඕ.අයි.සී ට වැඩ වරදී ? විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක්..!

රට තුළ දැඩි කතාබහට ලක් වූ පහ වසර ශිෂ්‍යත්ව උපකාර පන්ති පවත්වන හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල්ගතව ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් 19 හැවැරදි රිතික් රිෂාන් නමැති තරුණයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත් මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (17දා) නියෝග කොට තිබේ.

ඩෙංගු රෝග තත්ත්වයක් උග්‍රව කොළඹ ජාතික රෝහලේ 55 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි එම සැකකරු රෝහලට ගොස් නිරීක්‍ෂණය කළ මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකු එම ඇප නියෝගය කොට එකී සැකකරුට එරෙහිව එල්ල වී ඇති තරුණියකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව යටතේ ගොනුකර ඇති නඩුව ලබන 21 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට කටාන පොලිසියට නියෝග කොට තිබේ.

තමා එම සැකකරු සමග කටාන ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන ආයතනයේ ශබ්ධාගාරයේ පටිගත කිරීම් අංශයේ රාජකාරි කරමින් සිට රාත්‍රී 9.30 ට පමණ විදුලිය විසන්ධි කොට කාමරයෙන් පිටව යන අවස්ථාවේදී සැකකරු සිය අතකින් අල්ලා ඔහු වෙත ඇදගෙන සිය ලිංගික ප්‍රදේශය මිරිකා තමාව සිපගැනීමට උත්සාහ කළ බව 24 හැවිරිදි තරුණියක් එදින රාත්‍රියේම කටාන පොලිසියට පැමිණිලිකොට තිබිණි. එකී පැමිණිල්ල කටාන පොලිසියේ ළමා හා කාන්තා කාරයංශයේ පොලිස් කොස්තාපල්වරියක් සටහන් කිරීමෙන් අනතුරුව තමාට හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියක් පහර දුන්නේ යැයි පෙන්වා දෙමින් පැමිණිල්ලක් කොට මීගමුව රෝහලට ඇතුළත්ව තිබූ සැකකාර තරුණයා ඉන් දින කීපයකට පසුව රෝහලින් මුදා හැරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි.

පසුව රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි එම තරුණයාට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගයක් බව අනාවරණය කරගත් රෝහල් බලධාරීන් ඔහුව පසුගිය 14 වැනිදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලට මාර කිරීමට පියවර ගෙන තිබිණි. සිය සේවාදායකයාව පොලිසිය විසින් පසුගිය 14 වැනිදා රාගම රෝහලේ දී අත්අඩංගුවට ගෙන පුරා පැය 72 ට ආසන්න කාලයක් පොලිස් නිලධාරීන් භාරයේ තබාගෙන සිටි ඇති බව එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ නෙල්සන් කුමාර මහතා වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාට පවසා තිබිණි. කෙසේ නමුත් එවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් හෝ ඔහු රෝහලේදී පොලිස් නිලධාරින් භාරයේ සිටි බවක් කටාන පොලිසිය විසින් තම කොට්ඨාශයට වාර්තාකොට නැතැයි ඒ පිළිබඳව මාධ්‍යවේදී විමසූ විට පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසා තිබිණි

උපුටා ගැනීම : නෙත් නිව්ස්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *