මාදුරු ඔයට වැටුනු හෙලිකොප්ටර් යානය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න

මාදුරු ඔයට වැටුනු හෙලිකොප්ටර් යානය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න

හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් අද පස්වරුවේ සිදුවුණා.

මෙම ගුවන් යානය හදිසි ගොඩ බෑමකදී පසුගිය 09 වැනිදා මාදුරුඔය ජලාශයට කඩා වැටුණු අතර අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා ප්‍රතිකාර සඳහා අරලංගංවිල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *