ලොව ජනප්‍රිය සමාගමක සේවකයින් විශාල පිරිසක් හදිසියේම දොට්ට දැම්මේ ඇයි..? හේතුව මෙන්න.

ලොව ජනප්‍රිය සමාගමක සේවකයින් විශාල පිරිසක් හදිසියේම දොට්ට දැම්මේ ඇයි..? හේතුව මෙන්න.

සුප්‍රකට පරිගණක මෙහෙයුම් පද්ධති සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගම, සිය සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ  (13) දිනයේ දී මෙම සේවක කප්පාදුව පිළිබඳව නිවේදනය කර ඇති බවයි.

මෙම සේවක කප්පාදුව 2023 දී එම සමාගම සිය සේවකයන් 10,000ක් රැකියාවලින් ඉවත් කිරීමෙන් පසු සිදු කරන විශාලතම සේවක කප්පාදුව වන අතර එය මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක්.

කෙසේ නමුත් මෙම සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *