දේශීය පුවත්

“අපේ ඇස් පෙනෙන මානයේදීම ඔයා නික්ම ගියා…” ඇය වෙනුවෙන් “රසදෝතක්” පුදන්නට සැරසෙද්දී, දෛවෝපගත සිදුවීමක් පිළිබඳව ඇසෙන ඒ කතාව මෙන්න…

සමහර සිදුවීම හරිම පුදුමාකාරයි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඇසෙන තවත් විශේෂ කතාවක්..

ජාතික පුවත්පතක ඇයටම වෙන්වුණු අතිරේකයක්.. ඒත් අද ඇය මිලිනව ගිහින්..

යුග යුග ගණනාවක් ලාංකීය කලාව සැරසූ ඇයට අද විශේෂ දවසක් වන්නට තිබුණා..

ඒත් හැම දෙයක්ම වෙනස් වෙන්න යන්නේ එක් නිමේෂයයි කියන එකට නම් මේ හොඳම උදාහරණයක්..

ඔවුන් සියල්ල ලහි ලහියේම සූදානම් කරද්දී ඇය ජීවන රඟමඬලින් බැස යාමම සිහිනයක් වගේ.. මේ අන්න ඒ ගැන ඔහුගේ මුහුණුපොතේ පළවූ සටහනයි..

“මේක හරි දෛවෝපගත සිදුවීමක්! මාලිනී අක්කා ට තිළිණ කරන්නට අපි, ඒ කියන්නෙ මමත් ,බන්දුල ගුණරත්න සොයුරාත් සති කිහිපයක සිට “මාලිනී ගෞරව විගේෂ උපහාර අතිරේකයක්” සකසමින් හිටියා. අපි මේ “ඉරිදා මවිබිම” පත්තරෙන් ඒ තිළිණය පල කරලා, මාලිනී අක්කාට පිළිගන්වන්නයි හිතගෙන හිටියෙ.. තිළිණය නමිි ඇයට ආදරය කරන පාඨනයන්ට අද අපට දෙන්නට හැකි වුණා….ඡීවිතේ හැටි! බන්දුලටත් මටත් (අප දෙදෙනාම චිතුුපට සහාය අධ්‍යක්ෂවරු හැටියට ක්ෂේතුුයේ සිටීම නිසා)වගකීමක් හා යුතුකමක් තිබුණු නිසා මේිකට කැපවෙලා හිටියා..ඒ්ත් ඡීවිතේ හරිම මායාවක්ම තමා……….මාලිනී අක්කේ ! අපේ ඇස් පෙනෙන මානයේදීම ඔයා නික්ම ගියා.සුබ ගමන් ඔයාට.! ”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!