ගොසිප් පුවත්

අවුරුදු 20කට පස්සෙ අම්මා ළඟට යද්දි මට ඇය ගැන හැඟීමක් දැනුණෙ නෑ…ඒත් මම අම්මට වෛර කරන්නෙ නෑ… – නිම්මුගේ කදුළු කතාව…

ගැහැණු ළමයෙක් කොයිතරම්නම් ජීවිතේ දරාගත යුතු තැන් තියනවද ඒත් ජීවිතේ නිම්මුට හම්බවුණේ සාමාන්‍ය ගෑනු ළමයෙකුට වඩා දරාගන්න අපහසු දේවල්.

නිම්මි හෙවත් නිමාලි කියන්නේ කටුගස්තොට ගෑණු ළමයෙක් .ඇයට අම්මා තාත්තා අයියලා තින්දෙනෙක් සහ නංගි කෙනෙක් හිටියා.නිම්මුගේ තාත්තා මේසන් වැඩ කළේ පවුලේ දරිද්‍රතාව‍ය උපරිමයටම තිබ්බා.

ඒවගේම කන්න බොන්න නැති දවස් වලට නිම්මුලා කරලා තිබුණේ කොස් , පොල් ඒ වගේ දේවල් තමයි ආහාරයට අරගන තිබ්බේ.ඇය පාසල් ගිහින් ඇවිල්ලත් අම්මට තාත්තට උදව් කරපු කෙනෙක් .

ඒ වගේම ගෙදර ඇති කළ  කිරි දෙනුන්ගෙන් කිරි දොවන්න මේ දේවල් ඇයට පුළුවන් . නමුත් පියාගේ බීමත්කම මේ සියල්ල නිසා පුංචි කුඩා දැරියක ලෙස අත් නොවිදිය යුතු දේවල් වලට මුහුණ දෙන්න ඕනේ නැති දේවල් වලට අතවර සහ අඩත්තේන්ටම් වලට මුහුණ දෙන්න වෙලා තිබුණා.

7 වසරෙ කාලයේ දී ඒ කියන්නේ ඇයට අවුරුදු 11ක් වගේ කාලයේදී මේ දේවල් ලිංගික අධ්‍යාපනයේ මූලික දේවල් දරුවන්ට උගන්වද්දී ඇයතමා විදින පිඩාවල් තම යාළුවට කියලා තියනවා.

ඒත් සමගම පාසලේ ගුරුවරියන් මේ පිළිබදව දැනුවත් වීමත් සමග ඇයැව පොලීසියට යොමු කරනවා . ඉන්පසුව මේ පවුල් ප්‍රශ්න මෙන්ම ඇයගේ අනාරක්ෂිත භාවය නිසාම ඇයව යොමු කරනවා ළමා නිවාසයකට . නමුත්  ළමා නිවාසයකට ඇයව ඇතුළත් කරන තුරු ඉන්න වෙලා ති‍යෙන්නේ සිරමැදිරියකයි.

සිරමැදිරියක අත්දැකීම ඔබට අමුතුව   කිව යුතු නැත පුංචි දියණියක් ලෙස ඇයැ මුහුණ පා තිබෙනුයේ මුහුණ නොපෑ යුතු දෙයකටයි.

ළමා නිවාසය ගැන ඇය කියන්නේ මෙවන් කතාවක් හැමදාම  ” බත් කනවා වගේ ගුටි කාපු මට ළමා නිවාසය මාර සැනසීමක් වුණා”.

ඇය බහිරවකන්දේ ළමා නිවාසෙ මුල් කාලයේ සිටියේ ඊට පස්සේ වෙනත් ළමා නිවාසයකට මාරු කරනවා.

නිම්මු ළමා නිවාසෙදී කෑම කාපු විදිහ youtube වැඩසටහනකදි  කිව්වෙ හිතට මොකද්දෝ කියාගන්න බැරි තරම් දුකක් එක් කරමින්

මම හිටපු ළමා නිවාසෙ හැම දාම බුද්ධ පූජාව හම්බෙන්න්නේ ළමා නිවාසයෙන් මම දන්න තරමින් ව්‍යාංජන 32ක් වගේ එක්ක දෙන්නේ . ජීවිතේ මම මේ වෙනකම් කාලා තියන රසම කෑම වේල තමයි ඒක .මැරෙනකම් මට ඒවගේ කෑමක් හම්බවෙන්නේ නැහැ. එදා ඉදලා අදටත් මම ඒ කෑම හදපු අයට පිං දෙනවා ,,

මම දැන් හොද විදිහට ජීවත්වෙනවා ඒ වචන ටික හරි ලස්සනයි.

ජීවිතේ වෙන්න ඕනෙ එහෙමයි කොච්චර ප්‍රශ්න බාධක ආවත් ජීවිතේ දිනන්නම ඕනේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!