තරු ගොසිප්

වසර 62කට පස්සේ ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක් නිම කල කාන්තාවෝ ගැන ඇසෙන වෙනස්ම පුවත මෙන්න…

ඇත්තෙන්ම එය සුවිශේෂී ගමනක්.. ඒ සාර්ථක ගමනින් පස්සේ ඔවුන් ගැන ඇසෙන කතාව දන්නවාද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුලු කාන්තාවන් හය දෙනෙකු අභ්‍යාවකාශයේ සිදු කළ ඓතිහාසික සංචාරය නිම කරමින් යළි පෘථිවියට පැමිණ තිබෙනවා…

ඇමසෝන් සමාගමේ හිමිකරු වන බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් අභ්‍යාවකාශ නිරීක්ෂණ සිදුකරන සමාගමක්වන බ්ලූ ඔරිජින්ට අයත් රොකට්ටුවකින් මෙම කණ්ඩායම ඊයේ අභ්‍යාවකාශය බලා පිටත්ව ගොස් තිබුණා…

ඔවුන් පෘථිවියේ කර්මන් රේඛාව අභිබවා ගොස් අද යළි පෘථිවිය වෙත පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

මෙම සංචාරය සදහා රොකට්ටුව හිමි ජෙෆ් බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක් ද එක්ව තිබෙනවා..

මෙලෙස කාන්තාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් අභ්‍යවකාශ වෙත ගොස් තිබුණේ වසර 62 කට පසුවයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!