දේශීය පුවත්

ආණ්ඩුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට පරණ දහජරා වැඩේම සිදු කරනවා – දිලිත්ගෙන් මාලිමා ආණ්ඩුවට සැර කතාවක්.

ආණ්ඩුව තවමත් ජනතා අභිලාෂය තේරුම් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

ඒ අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සර්වජන බලයේ මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගයට කතා කළ බවට වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත්, ඔවුන් සූදානම් වන්නේ පරණ දහජරා කුප්ප වැඩේම සිදු කිරීමට බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ජාතික ජන බලවේගය බලය පැමිණියේ දේශපාලන සම්ප්‍රදාය වෙනස් කර, අලුත් දෙයක් සිදුකර, හොඳ සමාජයක් නිර්මාණය කිරීමට බවත්, නමුත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට පරණ දහජරා වැඩේම සිදු කරනවා නම්, විවිධ වූ වරදාන, වරප්‍රසාද, මුදල් ලබාදීමට පටන්ගෙන ඇත්නම්, එය ජනතා අභිලාෂය කියවා ගැනීමක් නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

මෙමගින් පෙන්නුම් කරන්නේ මන්ත්‍රීවරුන් 159 සහ ආණ්ඩුව රට නව මාර්ගයක ගෙන යාමට සූදානම් නොමැතිවීම බවද, රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට නම් ආණ්ඩුව යාචක මානසිකත්වයෙන් මිදිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩුව ප්‍රශස්ත සංවාදයකට එළඹීම සිදු කරන්නේ ‍නැත්නම්, සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ජනතාව සමඟ සාකච්ඡා නොකර සිටිනවා නම්, ආණ්ඩුව පමණක් නොව රටම අවසන් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!