දේශීය පුවත්

ආපදාව පාලනය නොකිරිමෙන් ජනාධිපති, කැබිනෙට්ටුව ව්‍යවස්තාව උල්ලංඝනය කලා..!

සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ ආපදා තත්වය කළමණාකරණයට රජයේ මැදිහත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය

වර්ෂ 2005 අංක 13 දරන ආපද‍ා කළමනාකරණ පනත යටතේ ජාතික ආපදා කළමනා කරණ සැලැස්ම සකස් කිරීමට ආපදා කළමනා කරණ කවුන්සිලය බැඳී සිටියේය.

විවිධ උපද්‍රව පුරෝකථනය කිරීම සඳහා වගකිව යුතු දේශීය තාක්ෂණික ආයතන සම්බන්ධීකරණය, ඔවුන් අදාළ උපද්‍රව පිළිබඳව කලාපීය සහ ජාත්‍යන්තර පූර්ව අනතුරු ඇඟවීමේ ආයතන සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදීම ජාතික සැලැස් මට ඇතුලන් විය යුතුව පවතී.

විපනේ ස්වභාවය පිළිබඳව තාක්ෂණික ආයතනය විසින් සකස් කරන ලද පණිවිඩ සාරංශ ගත කිරීම ද කරනු ලැබේ.

ඊට ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට පූර්ව අනතුරු ඇඟවීම් බෙදා හැරීම, ප්‍රචාරණ ක්‍රියාවලියට බලපෑමට ලක්විය හැකි භූගෝලීය ප්‍රදේශ මෙන්ම අනතුරු ඇඟවීමේ මට්ටම සහ ප්‍රජා සාමාජිකයින් ප්‍රතිචාර දැක්වීමට අපේක්ෂා කරන ආකාරය ද ඇතුළත් වේ.

පූර්ව අනතුරු ඇඟවීම් සහ ඉවත් කිරීමේ දැනුම්දීම්, හදිසි ප්‍රතිචාර සහාය සේවා සම්බන්ධතා ආදිය පිළිබඳව මාධ්‍ය වෙත වැඩි දැනුවත් කිරීමක් සහ නිතිපනා නත්ව යාවත්කාලීන කිරීම් ලබා දීම කළ යුතු වෙයි.

2023-2030 ජාතික ආපදා කළමනා කරණ සැලැස්ම 2024 පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සැලැස්ම යටතේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ අවසාන ග්‍රාමීය මට්ටම දක්වාම බෙදා හැරීමේ ක්‍රියාවලිය විය යුතුය.

නිරිතදිග සහ ඊසාන දිග මෝසම්වලට හදිසි ප්‍රතිචාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ප්‍රධාන තාක්ෂණික ආයතන වල (උදා: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය) සහාය ඇතිව වාර්ෂිකව ජාතික මට්ටමේ රැස්වීම් සම්බන්ධීකරණය සහ සංවිධානය කිරීමට යෝජිතය.

2025 ජුනි 16 වැනි දින, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 2023-2030 ජාතික ආපදා කළමනා කරණ සැලැස්ම සංවේදී කිරීමේ වැඩමුළුව කොළඹ මැරියට් හෝටලයේදී පැවැත්විණි. එහි ප්‍රධාන කථිකයා වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

මේ වසරේ නොවැම්බර් 27 වැනි දින ජාතික ආපදා කළමනා කරණ සැලැස්ම ක්‍රියාත්මක නොවීය. ඒ වෙනුවට නොවැම්බර් 28 වැනි සිකුරාදා, එනම් මෙහෙයුම් සඳහා වඩාත්ම තීරණාත්මක දවස රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සැලැස්මේ දක්වා ඇති පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ අවසාන ග්‍රාමීය මට්ටම දක්වා බෙදා හැරීමේ ක්‍රියාවලිය කිසි විටෙකත් සක්‍රීය කර නොතිබුණි.

2005 අංක 13 දරන ආපද‍ා කළමනාකරණ පනතේ 11 සහ 12 වගන්ති යටතේ, ජනාධිපතිවරයාට ආපදා නත්වයක් ප්‍රකාශ කිරීමට බලය පවතී. වත්මන් ජනාධිපතිවරයා එය කිරීමට අපොහොසත් විය. ආපදා කළමනාකරණ පනත මේ මොහොතේ කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය. ව්‍යසනයකින් සිදුවන හානිය අවම කිරීම සඳහා නීතිමය විධිවිධාන අනුව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා, අගමැති සහ කැබිනට් මණ්ඩලය අපොහොසත් වූයේය.

ඒ තත්ත්වය පහත ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකතනය කර පවතී.

” විධායක ක්‍රියාමාර්ගයක් හෝ අක්‍රියතාවයක් හෝ මගින් ජීවත්වීමේ අයිතියේ මූලික අයිතිය උල්ලංඝනය කරන අතර එමඟින් පුද්ගලයෙකුට හෝ පුර වැසියෙකුට හානියක් හෝ අලාභයක් සිදු වේ නම්, එය ව්‍යවස්ථාපිත වධහිංසාවක් ලෙස ක්‍රියා කළ හැකි බව අපි විශ්වාස කරමු…”

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පහත අංක දරණ නඩු මගින් අදාළ මූලාශ්‍ර ලබාගත හැකිය.

– පාස්කු ප්‍රහාර නඩු වලදී ශ්‍රේෂ්ඨාධිකරණය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!