
මේ පුංචි මැණිකට කවුරුත් ආදරය කරනවා නේ. ඔන්න ඉතින් කාගේත් ආදරය දිනාගත්ත කෛලාෂ් පුතාගේ පළමු උපන්දිනය සමරලා.
ඒ වෙනුවෙන් මෙන්න මේ වගේ ආදරණීය සටහනක් මාධවී ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
“අපේ පුතාට අවුරුද්දක්!
ස්තූතියි මගෙ ජීවිතේට අරුතක් ගෙනාවට මගෙ පුතේ…
ඇස් දෙක වගේ මං පුතා ලඟම ඉඳන් රැකපු දවස් 365ක් ගෙවුනා..
එක රැයක් මගෙ තුරුල්ලේ මිසක් මගෙ පුතාව නිදි කළේ නෑ..
හැබැයි දවසක ජීවිතේ තනියෙන් ගමනක් යන දවසක
මං මයෙ පුතාට ඒ ලෝකෙ පාඩුවෙ ගොඩනගාගන්න, ඒ තුල නිදහසේ සැරිසරන්න ඉඩ දෙන බවට පොරොන්දු වෙනවා.
මගෙ ආරාධනාවෙන් මගෙ කුසට ආපු මගෙ පුතා කිසිම දාක මට ණය නෑ…
කොන්දේසිවිරහිතව අම්මා අප්පච්චි ආදරෙයි!
අද (02/12/2025) කෛලාෂ් පුතාගෙ පළමු උපන්දිනය සමරන්න තරම් අපට උත්කර්ෂවත් මානසිකත්වයක් හෝ කාලීන තත්වයක් නොතිබුණු නිසා මේ දරුවටත්, මුළු ලෝකෙම මේ වෙලේ අසරණ වෙලා ඉන්න ළමයි හැමෝටමත් පිහිට ආශිර්වාදය ඉල්ලලා අපි පන්සල් පල්ලි ගියා.”
තමන්ගේ ආදරණීය පුංචි පුතා වෙනුවෙන් කවදත් ආදරණීය සටහන් ලියන කසුන් මෙන්න මේ වගේ ආඩම්බරකාරසටහනක් තමයි මුහුණුපොතට එක්කරලා තිබුණේ..




























