දේශීය පුවත්

ඇණයක් සමඟ ලැවරියා එකක් අළෙවි කළ ආපනශාලා හිමිකරුවකු වරද පිළිගැනීමෙන් පසු රුපියල් 225,000ක දඩයක්.

අඟලක් පමණ දිග ඇණයක් සමඟ ලැවරියා එකක් අළෙවි කළ හොරණ නගරයේ ප්රධාන පාසලක ආපනශාලා හිමිකරුවකු වරද පිළිගැනීමෙන් පසු රුපියල් 225,000ක දඩයක් හොරණ ප්රධාන මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා නියම කළා.
මෙසේ දඩ නියම වූයේ හොරණ, බැල්ලපිටිය ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකුටයි.
මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හොරණ නගර සභා සෞඛ්ය අංශ ප්රධානී විසින්.
මෙම පාසලේ ගුරුවරියක විසින් පාසල් ආපනශාලාවේ අළෙවි කිරීමට තබා තිබූ ලැවරියා දහයක් සහ පෑන් කේක් පහක් මිලදීගෙන ගුරු විවේකාගාරය තුළදී දිවා ආහාර ලබා ගැනීමේදී ලැවරියා එකක් තුළ ඝන යමක් තිබී සොයා බැලීමේදී ඇණයක් ඇති බව අනාවරණය වී තිබුණා.
ඒ අනුව ඇය විසින් විදුහල්පතිවරිය දැනුවත් කිරීමෙන් පසු හොරණ නගර සභා සෞඛ්ය අංශ ප්රධානී මහජන සෞඛ්ය පරීක්ෂක එම්. එම්. පී. එම්. බණ්ඩාර වෙත පැමිණිලි කර තිබුණා.
හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දක ප්රේමසිරිගේ මෙහෙයවීමෙන් සෞඛ්ය අංශ ප්රධාන, මහජන සෞඛ්ය පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී වරද භාරගත් ආදල ආපනශාලා හිමිකරුට දඩ නියම කිරීමට අධිකරණය නියෝග කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!