සයුරෙන් එහා පුවත්

ධු­රයේ සිටි­යදී විවාහ වූ එරට පළමු රාජ්‍ය නාය­කයා වන්නේ ඔහුයි.. 62 හැවි­රිදි අගමැතිට මංගල සීනු..

මේ කතාව ඇසෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්. ඔස්ට්‍රේ­ලි­යාවේ අග­මැති 62 හැවි­රිදි ඇන්තනී ඇල්බ­නීස් විවහ දිවියට එළඹුණ පුවත මේ වෙද්දී ලොව පුරා සිටින සියළු දෙනාගේ කතාබහට ලක්වෙනවා.

ඔහු මෙලෙස විවාහ වී ඇත්තේ සිය දිගු­කා­ලීන පෙම්ව­තිය 47 හැවි­රිදි ජෝඩී හේඩන් සමඟ අති­නත ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. අගමැතිවරයා ජෝඩී හේඩන් සමඟ පෙම් සම්බ­න්ධ­තාව ආරම්භ වී ඇත්තේ 2020 වස­රේදීයි.

අග­මැ­ති­ ධු­රයේ සිටි­යදී විවාහ වූ පළමු රාජ්‍ය නාය­කයා ලෙසත් ඔහු ඉති­හා­ස­යට එක් වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා. වසර 2008 සිට 2011 දක්වා නිව්ස­වු­ත්වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අග­මැ­ති­නිය ලෙස කාමල් ටෙබූට් සමඟ මීට පෙර විවාහ වී සිටි අග­මැ­ති­ව­රයා 2019 වස­රේදී ඇගෙන් දික්ක­සාද වී තිබුණා.

කැන්බරා අග­නු­වර පැවති අග­මැ­ති­ව­ර­යාගේ විවාහ මංග­ලෝ­ත්ස­ව­යට ඔහුගේ පළමු විවා­හ­යෙන් උපන් පුත්‍රයා ද සහ­භාගි වූ බවයි දැනගන්නට ලැබෙන්නේ. මීට අම­ත­රව කැබි­නට් මණ්ඩ­ලයේ ඔහුගේ සමී­ප­තම ඇමැ­ති­වරු කිහි­ප­දෙ­නකු ද එම අව­ස්ථා­වට එක්ව තිබුණා..

   

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!