Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

අයිවරි වර්ණයෙන් හැඩවී රන්වන් සිහිනයක දැවටුණු ඇය..- සමනලීගෙන් හදවත සනසන සටහනක්..

මෙරට කලා ක්ෂේත්‍රයේ තමන්ටම ආවේණික වූ රංගන විලාසයකින් සහ සෞන්දර්යාත්මක සිතුවිලිවලින් රසික හදවත් දිනාගත් සමනලී ෆොන්සේකා, පසුගියදා මනාලියක ලෙස සැරසුණු අතිශය සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූපවල තිබූ රාජකීය පෙනුමටත් වඩා බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තේ ඇය ඒ සමඟ තබා තිබූ කාව්‍යමය සටහනයි.
“මම ඇත්තටම ඇය බවට පත්වුණා!”සමනලී පවසන්නේ ඇය මනාලියක් ලෙස සැරසුණේ හුදෙක් විලාසිතා දැක්මකට හෝ ඡායාරූප පෙළකට පමණක් නොවන බවයි.

ඒ මොහොතේ ඇය පැළඳි ඇඳුම සහ ආභරණ සමඟ ඇය සැබෑවටම ඒ මනාලියගේ චරිතය තුළ ජීවත් වූ බව ඇය පවසනවා.

ඇගේ ඒ අපූරු සටහනේ සිංහල අර්ථය මෙසේයි:

“අයිවරි වර්ණයෙන් හැඩවී, රන්වන් පැහැයෙන් ඔපවත් වූ මම… කාලයටත් වඩා පැරණි කතාවකට පියවර තැබුවෙමි. මගේ දෑස්වල තැවරුණු අඳුන රහස් රැගෙන ආවේය, මා පැළඳි ආභරණ උරුමය ගැන මුමුණන්නට විය. ඒ මොහොතේ… මම මනාලියක් ඇන්දා නෙවෙයි, මම ඇත්තටම මනාලියක් වුණා!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!