Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ගොසිප් පුවත්

පෙම්වතා තරු හෝටලයකදී ප‍්‍රකට නිරූපන ශිල්පිනියට ගුටි දී ලක්‍ෂ 60ක් අරන් පැන යයි..!

ප්‍රකට නිරූපණ ශිල්පිනියකගේ බැංකු ගිණුමකින් රුපියල් මිලියන හයක මුදලක් බලහත්කාරයෙන් මාරු කරගෙන, ඇයට පහර දී මරණීය තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සොයා කොල්ලුපිටිය පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. පැමිණිලිකාරිය පවසන පරිදි, පසුගිය 12 වැනිදා ඇය සිය පෙම්වතා සමඟ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ.
එහිදී සැකකරු ඇයව බියගන්වා, ඇය සතු ජංගම දුරකථනය උපයෝගී කරගනිමින් අදාළ මුදල ඔහුගේ ගිණුමට බැර කරවාගෙන ඇති බව වාර්තා වේ.

අනතුරුව ඇයට කායිකව හිංසා පමුණුවා කාමරය තුළම රඳවා ඔහු පලා ගොස් ඇති අතර, තුවාල ලැබූ නිරූපණ ශිල්පිනිය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පොලිසිය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

lanka c news

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!