දේශීය පුවත්

පොඩි මැණිකේ එනතුරු විදේශිකයෝ නැටූ නැටුම ගැන ඇසෙන අපූරු කතාව මෙන්න …

 

මේ කියන්න හදන්නේ අපුරු කතාවක් …

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය නියමිත වේලාවට වඩා පැය 2කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට පැමිණ සිටි විදේශිකයන් පිරිසක් සිදු කළ අපූරු ක්‍රියාවක් පිළිබඳ අප වාර්තාකරු සඳහන් කළා.

පොඩි මැණිකේ දුම්රියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය පැය 2ක් පමණ ප්‍රමාද වී ධාවනය වන බවට නානුඔය දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම් දී‍මෙන් පසු දුම්රිය ස්ථානයේ එක් පසෙකට එක් වු සියලුම විදේශිකයන් දුම්රිය පැමිණෙන තුරු ගීත ගායනා කරමින් නර්ථනයේ යෙදෙන අයුරු අපගේ වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණා.

අද (17) පස්වරු 2:55ට නානුඔය දුම්රිය ස්ථානයට ලඟා විය යුතු දුම්රිය පස්වරු 4.55ට නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව එම විදේශිකයන් පිරිස සතුටින් එම දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!