සයුරෙන් එහා පුවත්

ජපානයේ අවසන් පැන්ඩා යුවළ චීනය බලා යෑමට සූදානමින්…

1972 වසරෙන් 54 වසරකට පසුව ජපානය පැන්ඩා සතුන්ගෙන් තොර රටක් බවට පත්වෙමින් එරට සිටින අවසන් පැන්ඩා යුවළ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත ලබාදීමට නියමිතව ඇත.

‘ෂියාඕ ෂියාඕ’ සහ ‘ලෙයි ලෙයි’ නමින් හැඳින්වෙන එම පැන්ඩා යුවළ දැකගැනීමට ජපාන වැසියන්ට අවසන් අවස්ථාව ඊයේ උදාවූ අතර ඒ සඳහා කුසපත් ඇදීමක් ද සිදුවිය.

චීනය විසින් “පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය” යටතේ පැන්ඩා සතුන් කුලී පදනම මත රටවල් වෙත ලබාදෙන අතර ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු නැවත එම සතුන් චීනය වෙත ලබාගැනීම සිදුකරයි.

 

panda2

කෙසේවෙතත් තායිවානය මුල් කරගනිමින් මෑතකදී ජපාන අගමැතිනිය කළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර සබඳතා පළුදු වී ඇති පසුබිමක චීනයෙන් නව පැන්ඩා සතුන් ජපානය වෙත ලබා ගැනීම පිළිබඳ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!