දේශීය පුවත්

රටක් හැඩවූ ගැරඬි ඇල්ලේ සිද්ධිය නිසා අවසන් ගමන් ගිය රියදුරු ගැන පොලිස් නිලධාරියෙක් තැබූ සටහන.

පුද්ගලයින් 22කට දිවි අහිමි කළ ගැරඬිඇල්ලේ මාරක බස් අනතුර පිළිබදව තවමත් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
ඊයේ අලුයම සිදුවූ මෙම මාරක අනතුරෙන් බස් රථයේ රියදුරුටද දිවි අහිමි වුණා.

ඔහු සම්බන්ධයෙන් වන සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එහි විශේෂත්වයක් වන්නේ එම සටහන පොලිස් නිලධරයෙක් තැබූ සටහනක් වීමයි.

මේ එම සංවේදී සටහන…

නිවන් සුව ලැබෙිවා උබ හැමදාම මගේ ඉස්සරහින් ගියා දවස් ගානක් මම නැවැත්තුවා වෙිගේ වැඩි නිසා ඉරි කපන නිසා…
මට කිවුවෙ සර් සමාවෙන්න මට එලවන්න තියෙන දුර වැඩියි චුටිටක් එහෙ මෙහෙ වෙනව සර් ආයෙ එහෙම යන්නෙ නෑ කියල…
කවදාවත් මම උබව ලිවුවෙ නෑ උබ හරි කපටිය පොලිසියෙන් බේරිලා යන්න හොදට දන්නව .ඒත් කවදාවත් නීතිය හෑල්ලුවට ලක් කලේ නෑ සර් ලියනව නමි ලියන්න කිවුවා…
දුර ගමන් සේවා බස්‌රථ එහෙමයි .හැබැයි මම දැක්ක දක්ෂ රියදුරෙක් හොද විනයක් ඇති රියදුරෙක් …හැබැයි මේ අනතුර ඔයාගේ වරදින් නෙවෙයි කියල තාම මට හිතෙනව ….
හැදාම මම මගේ පාරෙ මේ බස්එක දකියි උබනැතිවෙයි….නිවන් සුව සහෝදරයා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!