දේශීය පුවත්

වෛද්‍යවරියකට වූ අහස පොළොව නුහුලන ඛේදවාචකයෙන් අනුරාධපුරම කැළඹෙයි. සැකකරු හමුදාවෙන් පැන ගිය කෙනෙක්…

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබේ.

ඉන්පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරන අතර ඒ පිළිබඳ ගරු ඇමති ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ සිද්ධියට අදාල පුද්ගලයා හදුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!