දේශීය පුවත්

වැඩිම ආපදා ආධාරය මාලදිවයිනෙන්.. ඇමරිකාවෙන් මිලියන දෙකයි.. චීනයෙන් මිලියනයයි..

සුළි කුනාටු ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට මාළදිවයිනේ ජනතාව විසින් රැස් කරන ලද ඩොලර් මිලියන දෙකයි දශම හතරකට වැඩිය මුදල් ප්‍රමාණයක් රජයට ලබා දී තිබේ.

 

මාලදිවයින් රජය විසින් ඩොලර් පනස්දාහක පරිත්‍යාගයක්ද ඒ සමගම භාරදී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී මෙම මුදල පරිත්‍යාග කර ඇත. ආපදා ආධාර ලෙස මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දෙකක මුල්‍යාධාරයක් ලබාදී තිබිණි.

එමෙන්ම චීනයද ආපදාව සදහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් හා යුවාන් මිලියන 10ක වටිනාකමෙන් යුත් සහනාධාර පැකේජයක් ලබා දී තිබිණි.

එ් අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම ආපදා ආධාර ප්‍රමාණයක් ලැබී ඇත්තේ මාලදිවයිනෙන් වීම  විශේෂත්වයකි.

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහාය වීමට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිණුම් වෙත දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රුපියල් කෝටි හැත්තෑවක (මිලියන 700ක්) පමණ මුදලක් පරිත්‍යාග කර තිබූ බව අවසන් යාවත්කාලීනවල දැක්වින.

මෙම වාර්තා අනුව ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රටවල් හා ජනතාවගේ පරිත්‍යාග ලෙස ලැබී ඇති මුළු මුල්‍ය ආධාර ප‍්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් මිලියන 2500ක් (කෝටි 250) පමණ වෙයි.

ශ්‍රී ලංකාවට සුළි කුණාටුන් සිදු වූ හානිය ඩොලර් බිලියන හයක් නොඑසේ නම් රුපියල් බිලියන 1,800 ක්  (කෝටි 180,000) පමණ වන බවට අවසන් නොවන තක්සේරු කිරීම් වලින් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා විසින් මෑතක පාර්ලිමේන්තුවේදී පවසන ලද හානි පූර්ණය සදහා වන සහන පැකේජයේ වටිනාකම රුපියල් බිලියන 300 ක් ආසන්න වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!