Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

විදෙස් ජාතීන් දෙදෙනෙකුගේ ජීවිත බේරූ පොලිස් විරුවන් ගැන ඇසෙන කතාව මෙන්න.

ඊයේ (20) දහවල් මිරිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබෙනවා.

වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර හා පොලිස් කොස්තාපල් 105268 සිසිර යන නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 31 ක් වන බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 20 ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!