දේශීය පුවත්

බසයක් ඉස්සර කරන්න ගිහින් අන්තිමේට ජිවිතෙන් වන්දි ගෙවූ හැටි , CCTV කැමරාවේ සියල්ල සටහන් වෙලා…

මේ කියන්න හදන්නේ අද සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් ගැනයි..

අතුරු මාර්ගයක සිට කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයට දැමීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා ලිස්සා පෙරළී යනවාත් සමග ලංගම බසයක් ගැටී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ දෙදෙනකු ගමන් කරමින් සිට ඇති අතර ත්‍රී රෝද රථය පදවාගෙන ගිය 36 හැවිරිදි පුද්ගලයකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

කුරුවිට, කඳංගොඩ ප්‍රදේශයේදී අද (21) උදෑසන 9.10 පමණ මෙම මාරක රිය අනතුර සිදුව තිබෙන බවද පොලිසිය පැවසුවා.

රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවයි ත්‍රිරෝද රථය පෙරළී ඇත්තේ. වේලිඔය සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ බසයක් මෙසේ ගැටී තිබෙනවා.

කුරුවිට පොලිසිය විමර්ශන සිදුකරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!