ඇල්මැරුණු දිවිය වෙනුවට ප්‍රබෝධමත් දිවියක් අරඹන්න ‘ දියබත් ‘ හරියටම ඔබේ ආහාරයට එක්කර ගතයුත්තේ මෙහෙමයි

ඇල්මැරුණු දිවිය වෙනුවට ප්‍රබෝධමත් දිවියක් අරඹන්න ‘ දියබත් ‘ හරියටම ඔබේ ආහාරයට එක්කර ගතයුත්තේ මෙහෙමයි

 

අප ශරීරයේ ඇතිවන විවිධ වේදනා, ආසාත්මිකතා, ඇවිලීම් ආදී නොයෙකුත් අපහසුතා නිවැරැදි ආහාර සිරිතක් මඟින් මගහරවා ගන්න පුළුවන්…

ගොවිතැන් බත් කරපු, මහ වැව් අමුණු හදපු අපේ අතීත සිංහලයාට දැවැන්ත ශක්තියක් ලබාදුන් “දියබත” ගැන අද නම් ගොඩක් දෙනෙක් ඒ තරම් කතා කරන්නේ නැහැ.. ඒත් මෙහි ඇති ගුණ අසීමිතයි..

අර්ශස්, දියවැඩියාව, මලබද්ධය, අක්මා රෝග, බඩවැල් රෝග අපේ සමාජයේ නිතර දෙවේලේ ඇසෙන රෝග බවට පත් වුණා..

ඒ විතරක් නෙවෙයි, කාන්තාවන්ගේ ඇඟේ ඇති සියලුම උෂ්ණ රෝග ටික, ලෙඩ දුක් ටික නැසිය හැකි, අර්ශස් හා බඩවැල් ආශ්‍රිත රෝගාබාධයන්ට ගුණදෙන, අපිට පෝෂණීය පරිපුර්ණ ආහාර වේලක් ලබාදී අපිව බොහෝ ලෙඩ දුක්වලින් ගලවා ගන්නා “දියබත” ගැනයි ඔබට මේ කියන්න යන්නේ…

ඔබට ලෙඩක් දුකක් නැතිව අවුරුදු 10 ක් වැඩිපුර ජීවත් වෙන්න ඕනි නම් ඔබගේ අනිත් පෝෂ්‍යදායි ආහාර වේල් අතරට මේ දියබත් අද සිට කෑමට එකතු කරගන්න. දවසක් හැර දවසක් මාසයක් යනකම් වත් මේ මේක හදාගෙන කන්න උත්සාහ කරන්න.

දියබත් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය -:
– ඕනම හාල් වර්ගයකින් රෑ හදාගෙන ඉතිරි වූ බත් කොප්ප 01 ක්.
– වතුර කෝප්ප 02 ක්
– හොඳින් ගසාගත් අලුත් මුදවපු කිරි කෝප්ප භාගයක්.
– සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 03 ක්.
– තරමක් ලොකුවට කපාගත් අමුමිරිස් කරල් 03 ක්.
– කුඩා කරපිංචා ඉත්තක්.
– ලුණු ටිකක්.
– අලුත් කුඩා මැටි මුට්ටියක් සහ එය වසන්නට පියනක්.

පිළිගැන්වීම සඳහා
-කපාගත් ළූණු ටිකක්.
-ඕනම වර්ගයක අච්චාරු ටිකක් හෝ ලුණු දෙහි කෑල්ලක්.

සාදාගන්නා අකාරය -:
01. රෑ ඉතිරි වු බත් ටික මැටි මුට්ටියට දමන්න. එයට වතුර කෝප්ප 02 ක් දමා පුරා රැයක් වසා තබන්න.
02. දැන් පසුදා උදෑසන මේ බත් මුට්ටියට හොඳින් ගසාගත් මුදවපු කිරි ටික දමන්න.
03. එයට සිහින්ව ලියාගත් රතුළූණු සහ අමුමිරිස් දමන්න. කරපිංචා ටිකත් අතින් තරමක් පොඩිකර එයට දමන්න.
04. ලුණුත් දමා හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි 05 ක් වසා තබන්න.
05. දැන් මෙසේ සාදාගත් දියබත ලුණුදෙහි ටිකක්, ලියාගත් ළූණු ටිකක් සමඟ සම්පූර්ණයෙන්ම අහාරයට ගන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *