සයුරෙන් එහා පුවත්

ලොවක් කැළඹූ Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග ඔහුට අත්වූ ඉරණම

 

මේ කතාව ඊයේ බොහෝ දෙනා අතර ආන්දෝලනයට තුඩදුන් සිද්ධියක් බවට පත්වුණා.. ඒ සිද්ධියෙන් පස්සේ ඔහුට මොකද වුණේ..?

Coldplay ප්‍රසංගයකදී පුළුල් තිරයක වැළඳගෙන සිටින දර්ශනයක සිටි Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා..

ප්‍රථමයෙන් බොස්ටන් ප්‍රසංගයේ පුළුල් තිරයක දර්ශනය වූ මෙම වීඩියෝවෙන්, දෙදෙනෙකු එකිනෙකා වැළඳගෙන සිටින අයුරු දැක්වුණා..

ඔවුන්ගේ මුහුණු දහස් ගණනක් නරඹන්නන්ට දර්ශනය වූ විට, එම පුරුෂයා සහ කාන්තාව හදිසියේම කැමරාවෙන් සැඟවීමට උත්සාහ කළ අයුරුයි එම වීඩියෝවේ සටහන් වී ඇත්තේ..

මෙම දෙදෙනා Astronomer සමාගමේ විධායක නිලධාරීන් බවට වාර්තා පළ වූ අතර, ඔවුන් අතර අනියම් සම්බන්ධයක් ඇති බවට කටකතා අන්තර්ජාලය පුරා පැතිර ගියා..

ඊයේ (18) Astronomer සමාගම X (ට්විටර්) ඔස්සේ තහවුරු කළේ, එහි ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් අනිවාර්‍ය නිවාඩු යවා ඇති බවයි..

TikTok හි මුලින් පළ කරන ලද මෙම වීඩියෝව මිලියන ගණනක් නැරඹුම් ලැබූ අතර, එය විවිධ සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා ව්‍යාප්ත වුණා..

අන්තර්ජාලය පුරා මෙම වැළඳගැනීම පිළිබඳව කතාබහ පැතිරී දින දෙකකට පසු, Astronomer සමාගම වීඩියෝව පැහැදිලිව සඳහන් නොකර, කාරණය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවට ප්‍රකාශයක් නිකුත් කළ බවයි බීබීසී ප්‍රවෘත්ති සඳහන් කරන්නේ..

ඒ අනුව, එම සමාගම සඳහන් කරන්නේ, “Astronomer සමාගම අපගේ ආරම්භයේ සිටම අපට මඟ පෙන්වූ වටිනාකම් සහ සංස්කෘතියට කැපවී සිටිනවා,” එම ප්‍රකාශයේ දැක්වුණා. “අපගේ නායකයින් හැසිරීම සහ වගවීම යන දෙඅංශයෙන්ම ප්‍රමිතීන් නියම කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලය මෙම කාරණය පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉතා ඉක්මනින් වැඩි විස්තර බෙදා ගැනීමට අපට හැකි වේවි.” යනුවෙන්..

සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි (Pete DeJoy) අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර තිබෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!