දේශීය පුවත්

වසර 62කට පසු ජාතික ලොතරැයි මණ්ඩල පනත වෙනස් කෙරේ..

ශ්‍රී ලංකාවේ ලොතරැයි කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන නීතිමය රාමුව වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන ඇත. දැනට ක්‍රියාත්මක වන 1963 අංක 11 දරන මුදල් පනත යටතේ ස්ථාපිත නීති මාලාව මේ සඳහා සංශෝධනය වනු ඇත.

වසර හැටකට අධික කාලයක් පැරණි මෙම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට හඳුනාගෙන තිබූ අතර, 2017 වසරේදී නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා ප්‍රථමයෙන් අනුමැතිය හිමි විය.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද මූලික පනත් කෙටුම්පතට තවත් සංශෝධන එකතු කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් යෝජනා කර ඇත. නව පනතේ ප්‍රධාන අරමුණ වන්නේ වෙළෙඳපොළේ වර්තමාන ප්‍රවණතා සහ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ලොතරැයි මණ්ඩලයේ කටයුතු විධිමත් කිරීමයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, යෝජිත සියලු සංශෝධන ඇතුළත් කරමින් නව පනත් කෙටුම්පත කඩිනමින් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීමට පියවර ගනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!