දේශීය පුවත්

මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී තිදෙනෙක් ම.රු.ට….

මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (ජන. 12) උදෑසන අනතුරක් සිදුවී තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති බව ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 7 දෙනෙකු සහ මෝටර් රථයේ එක් අයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!