දේශීය පුවත්

වසර පහළොවක පෙමට පිටු පෑ පෙම්වතාට, ඉංජිනේරු පෙම්වතිය කළ දේ..

සිය පැරැණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කන්දර්මඩම් හි පදිංචි 25 හැවිරිදි තරුණ පරිගණක ඉංජිනේරුවරියක් බවයි පොලිසිය පවසන්නේ.
තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයක් ඔස්සේ බෙදාහැර ඇති බවත් එය තම පෙර පෙම්වතිය විසින් සිදුකර ඇති බවත් කියමින් යාපනය ප්‍රදේශයේ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණා.
ඒ අනුව එම කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයකට මුදාහැර ඇත්තේ පැමිණිලිකරුගේ පෙර පෙම්වතිය බවට එහිදී අනාවරණය වී ඇත.
මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මීට වසර පහළොවකට පමණ පෙර සිට පැමිණිලිකරු හා පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පෙම්වතා මැයගෙන් වෙන් වීම හේතුවෙන් ඇය දැඩි සිත්තැවුලකට හා වේදනාවකට ලක්ව සිට ඇති බවත් ඒ හේතුවෙන් පළිගැනීමක් ලෙස මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකාරිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!