Uncategorized

ඔයාගේ කොණ්ඩේ මේ තරම් ඉක්මනින් වවාගන්න පුළුවන් කියලා ඔයා නිකන්වත් හිතුවද ? මේ දේවල් හරියට කරොත් ප්‍රතිඵලය දැකලා ඔයාම පුදුම වෙයි.

වැවෙන්නෙ නැතිම කොණ්ඩයක් වුණත්, මාසෙකින් වවන්න පුළුවන් හෙයාර් මාස්ක් එකක් ගැන ඔයත් දැනගන්න කැමතියිද..?

මේ කියන්න ‍යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඉන්න අන්න ඒ කතාව ගැනයි..
මේ natural treatment එකක් ගැනයි මේ කියන්න යන්නේ..? මේක හදාගන්න හරිම පහසු hair mask එකක්… ගෙදර තියෙන දේවල් 03කින් වවන්න හරිම අමාරු කොණ්ඩයක් වුණත්, මාසයක් ඇතුළේ සැලකිය යුතු ප්‍රමාණයකින් වවලා දෙන්න මේ මාස්ක් එකට පුළුවන්…

මෙන්න ඒකට අවශ්‍ය ද්‍රව්‍ය
උළුහාල් මේස හැඳි 2-3ක්
මී පැණි මේස හැඳි 01
සුදුපොල්තෙල් මේස හැඳි 01

සාදාගන්න ආකාරය
උළුහාල් සෝදල පිරිසිදු කරගෙන ඒකට නටන වතුර ( උණුවතුර ) අඬුකෝප්පයක ප්‍රමාණයක් එකතු කරලා රැයක් එලිවෙනකම් පැය 12ක් වගේ පෙඟෙන්න තියන්න
ඊටපස්සේ අර පෙඟුන උළුහාල් ඒ වතුර ටිකත් එක්කම බ්ලෙන්ඩ් කරගන්න. මේක දියාරු පේස්ට් එකක් වගේ වෙනකම් හොඳට බ්ලෙන්ඩ් කරගෙන රොඩු ටික ඉවත් වෙන්න රෙදි කෑල්ලකින් පෙරාගන්නත් පුළුවන් නැතත් ප්‍රශ්නයක් නෑ.
ඊලඟට ඒ පේස්ට් එකට මී පැනි සහ පොල්තෙල් එකතු කරලා හොඳින් කලවම් කරගන්න.

භාවිතයට උපදෙස්

මේ පේස්ට් එක ඔයාගේ හිස්කබලේ සහ කෙස්වැටියේ හොඳින් ආලේප කරලා විනාඩි 30-45ක් අතර කාලයක් තියාගෙන ඉන්න පුළුවන් . Shower cap එකකින් ඔලුව කවර් කරගන්න පුළුවන් නම් හොඳයි. විනාඩි 30-45කදි මේ පේස්ට් එක ඔයාගේ scalp එකට හොඳට අවශෝෂණය වෙනවා. ඊටපස්සේ සෝදා හරින්නයි තියෙන්නෙ. සතියට දවස් 3-4ක් පාවිච්චි කරන්න. උළුහාල් සීතලයි ඒ ගැන සැලකිලිමත් වෙන්න.

මෙන්න එයින් ලැබෙන ප්‍රයෝජන
– හිසකෙස් වැවීම වේගවත් කරයි
– හිස්කබලට තෙතමනය ලබා දෙයි.
– හිසකෙස් ශක්තිමත් කරයි.
– හිසකෙස් නීරෝගී කරයි.
– හිසකෙස් දීප්තිමත් කරයි.

අන්තර්ජාලය ඇසුරෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!