Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” මං ප්‍රංශයේ ළමයා තියලා තරගයට ගියේ ” ලෝක විවාහක රූ රැජින අනුශූරතාවය දිනලා අමන්දා කියන කතාව

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමෙන් පසු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉෂාදි අමන්දා මහත්මිය පැවසුවේ කුඩා කල සිටම තමා තුළ පැවති ශක්තිමත් කාන්තාවක වීමේ දැඩි විශ්වාසය මෙම ජයග්‍රහණය සඳහා මුලික වූ බවයි.

කොළඹ අමාරි හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී ඇය මෙම අදහස් පළ කළාය.

“මගේ කුඩා කාලයේ සිටම මා තුළ තිබූ ආත්ම විශ්වාසය හා ශක්තිමත් කාන්තාවක වීමේ අභිලාෂය මෙම ජයග්‍රහණය සඳහා මූලික වුණා. ඒ වගේම මගේ මාතෘ භූමියට මෙවැනි අභිමානයක් ගෙන දීමට හැකි වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඇය, තම පවුලේ සාමාජිකයින්ගේ අඛණ්ඩ සහයෝගය තම ජීවිත ගමනේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑ බව පැවසුවාය. “මම අවුරුදු 16 වයසේ සිටම වැඩ කරන්න පටන් ගත්තා. මගේ වියදම් මටම සපයා ගැනීමට සිදු වුණා. ඒ නිසා මගේ තීරණ මම ගත්තා. බැංකුවේ රැකියාව කරන අතරතුර මගේ ව්‍යාපාර ආරම්භ කිරීමට තීරණය කළේත් මා තුළ තිබූ ඒ ආත්ම විශ්වාසය නිසයි,” යැයි ඇය පැවසුවාය.

තවදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ සැබෑ සුන්දරත්වය බාහිර පෙනුමෙන් පමණක් නොව අභ්‍යන්තර සුන්දරත්වයෙන්ද මැනිය යුතු බවයි. “බිරිඳක් හා මවක් වීමෙන් පසු මාගේ හැකියාවන් අඩු වෙයි කියා සමහරු සිතුවා. නමුත් කාන්තාවක් ලෙස ඕනෑම තනතුරක් දැරුවත්, තමන්ගේ දක්ෂතා අත්නොහැර ඉදිරියට යා යුතුයි,” යැයි ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා අදහස් දක්වමින්,

“ඉෂාදි තම දරුවා හා පවුල ප්‍රංශයේ තබා ලංකාවට පැමිණ මෙම තරගය වෙනුවෙන් කළ කැපකිරීම අති විශාලයි. අද ඇය එහි ප්‍රතිඵල භුක්ති විඳිනවා. සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ කරන සියලු දෙනා ඇගේ මෙම කැපවීම අවබෝධ කර ගත යුතුයි,” යැයි පැවසීය.

2025 වසරේ ලෝක විවාහක රූ රැජින තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වී ඇති අතර, එහිදී ඉෂාදි මහත්මිය නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගී වූ තාරක ගරුකන්ද, රුක්මාල් සේනානායක සහ කැලීම් ජාතික අලෙවි කළමනාකරු සුධාරක චිරන්ත යන මහත්වරුන් ද සිය සුභ පැතුම් එක් කළහ.

ඉෂාදි මහත්මිය තරගය සඳහා සූදානම් වීමේදී ලැබුණු සියලු පුහුණුවීම් නොමිලේ ලබා දුන් බව ද සඳහන් කළ අතර, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා තම දායකත්වය ලබා දීමට සූදානම් බව ද ප්‍රකාශ කළාය. තරගයේ තිබූ දැඩි තරඟකාරීත්වය හමුවේ වුවද, සීමිත කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව ඇය සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!