Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මතකද එදා අපි කවුරුත් ආදරේ කල රස රිසි ගී තුලින් කරළියට ආපු නාරද… මෙන්න හැමෝම හොයපු නාරද ගැන ඇසෙන අලුත්ම කතාව

‘නාරද බක්මීවැව’ කියන්නෙ පුංචි තිරයේ සුවිශේෂී චරිතයක්.

ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ නිවේදකයකු වන ඔහු එකල වඩාත් ජනප්‍රිය වුණේ, “රස රිසි ගී” වැඩසටහනත් එක්ක.
එතුළින් ඔහු රසික පිරිස අතර දිනා සිටි ජනප්‍රියත්වය අතිමහත්.

නිවේදකයෙකු හැටියටම විතරක් නෙවෙයි, “අංජලිකා” චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකින් නාරද බක්මීවැව සිනමා තිරයට ද පිවිසෙනවා. ඒ වගේම “රෝස කැලේ” චිත්‍රපටයේ ද නිවේදකයෙක් ලෙසින් ඔහු කළ රංගනය කැපී පෙනුණා.

සංගීතයට උරුමකම් කියන පරපුරකින් පැවතෙන ඔහු ගායනයට ද හැකියාව දක්වන්නෙක්.
ගෙවුණු දවසක ඔහු සිය ෆේස්බුක් ගිණුමට අපූරු සේයා රූ කිහිපයක් එක්කාසු කර තිබුණා.
ඒ සිය පවුලේ ආදරණීයන් එක්ක.

”මතක ජීවිතයට හරිම වටිනව. ඒ නිසා හැම අවුරැද්දකම වගේ දෙසැම්බර් සහ අප්‍රියෙල් පුළුවන් විදියට අපි පින්තූර ටිකක් ගන්නව.

මේ 2025 අප්‍රියෙල් මාසේ අපි ගත්තු පින්තූර වලින් ටිකක්. මේ මතක හැමදාම අපිව අළුත් කරාවි…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!