දේශීය පුවත්

කිරිපිටි මිලට මොකද වුණේ? 16 වැනිදා සිට ක්‍රියාත්මක වන වෙළඳ අමාත්‍යාංශයේ තීරණය මෙන්න.

පසුගිය කාලේ දිගින් දිගටම ඉහළ ගිය කිරිපිටි මිල නිසා පීඩාවට පත්වෙලා හිටපු පාරිභෝගිකයන්ට අද වෙළඳ අමාත්‍යාංශයෙන් සහනදායී පුවතක් ලැබිලා තියෙනවා.


ඒ අනුව ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. වෙළඳ අමාත්‍යාංශය පවසන පරිදි අලුත්ම මිල සංශෝධනය වෙන්නේ මේ විදියටයි:

කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක මිල: රු. 125 කින් අඩු වෙයි.
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල: රු. 50 කින් අඩු වෙයි.

මේ සහනදායී මිල අඩු කිරීම එළඹෙන ජනවාරි 16 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ලෝක වෙළඳපොළේ මිල ගණන් සහ අනෙකුත් සාධක සලකා බලා ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!