තරු ගොසිප්

ශ්‍රී ලාංකීය සිනමාවේ මව ආදරණීය මාලිනිය ගැන රටක් ආදරේ කරන ප්‍රියන්ත සිරිකුමාර තැබූ සංවේදී සටහන

සුබ ගමන් රාජිණියේ !

”රංගන ශිල්පිනියක් ලෙස මේතරම් ආදරයෙන් අපිට කතා කල හැකි සිනමා ඉතිහාසයක් ඉතුරු කිරීමට ඇය කළ සේවය අන් කිසිවකට සමාන කළ නොහැකි තරම් විශාලයි.

මම කරපු වැඩක් මාලනී අක්ක දැක්කනම් අනිවාර්යයෙන් අගය කලා.. ඇගේ අගය කිරීම් ක්ශේස්ත්‍රයේ වැඩ කරන්න උත්සහ කරපු ආධුනිකයෙක් විදියට මට ලොකු උදව්වක් උනා..පන්නරයක් උනා..

මාලනී අක්කා මට හමුවූ පළමු දා සිට අන්තිමට හමුවුන දා දක්වා එකම විදියට මට දැනුනේ හරිම ලෙන්ගතුව..ඇය හැමවෙලාවෙම ලොකු සහයෝගයක් දුන්නා ඇය සමග වැඩ කරන හැම කෙනෙකුටම.

මෑතකදී ක්ශේස්ත්‍රයේ පිරිසක් එකතු වෙලා මාලනී අක්කගෙ උපන්දිනය සැමරුවා..වෙනදා වගේ ලගට ගිහින් මාලනී අක්කව බදා ගන්න අපිට බැරි උනා..ඒ දුක විතරයි ඉතිරි
සිනමාව වෙනුවෙන් ඈ කල කිසිවක් දුකක් ඉතුරු කලේ නැහැ.

සිනමාව වෙනුවෙන් ඇයට හැකි සියල්ල ඈය කලා.

අපි ඇයට ස්තුතිවන්ත වෙමු. නිවන් සුව ප්‍රාර්ථනා කරමු !”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!