දේශීය පුවත්

පොල්තෙල්වලට අවදානමක්?

පොල්තෙල් සහ පාම්ඔයිල් සඳහා පවතින විශේෂ බද්ද ඉවත් කිරීමට රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව හේතුවෙන් පොල්තෙල්වලට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

(29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේ, දේශීය පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මින් මතුවන බවය.

ඔහු පෙන්වා දෙන්නේ එළෙඹෙන අප්‍රේල් 01 වැනිදා සිට වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යා හැකි බවය.

එම තත්ත්වය හේතුවෙන් පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග වෙළෙඳපොළේ වැඩි වශයෙන් සුලභ වීමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු අඟවා සිටියේය.

වෛද්‍යවරුන්ගේ අදහස් අනුව ගැඹුරු තෙලේ ආහාර පිසීම සඳහා සුදුසු වන්නේ පොල්තෙල් පමණක් වන අතර, පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග භාවිතය සෞඛ්‍ය අවදානම් වැඩි කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් විසින් දේශීය වෙළෙඳපොළට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා තිබෙන පොල් විදේශ අපනයනයට යොමු කිරීම හේතුවෙන් මෙරට වෙළඳපොළේ පොල්තෙල් හිඟයක් ඇති වන බවත්, එමගින් පාරිභෝගිකයන් පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග පරිභෝජනයට තල්ලු වීමක් සිදුවන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Ada Derana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!