ගොසිප් පුවත්
සාරියෙන් හැඩවුණු නව පරපුරේ සුන්දරී ෂෙරිල් ඩෙකර්. කාගෙත් අවධානය දිනාගත් ඇයගේ අලුත්ම පින්තූර එකතුව බලන්නකෝ….

නව පරපුරේ කවුරුත් ආදරේ කරන, දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර්. ඇය ජනප්‍රිය ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ කියලා කවුරුත් දන්නවනේ.
රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් දක්ෂ ශෙරිල්, සමාජ මාධ්‍ය හරහා නිතරම රසිකයන් සමඟ සමීපව ඉන්න කෙනෙක්.
ඔන්න ඉතින් ශෙරිල් තමන්ගේ ෆේස්බුක් ගිණුමට අලුත්ම පින්තූර ටිකක් එකතු කරලා තියෙනවා. වෙනදා දකින විලාසිතාවලට වඩා ටිකක් වෙනස් විදියට, මල් සහිත තද පැහැති සාරියකින් හැඩවුණු ශෙරිල්ගේ මේ පින්තූර ටික දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිත නැවතත් ඇය දෙසට ඇදී යනවා.
සාමාන්‍යයෙන් ශෙරිල් ඕනෑම විලාසිතාවකින් හැඩවුණත් ඒකට අමුතුම ලස්සනක් ලැබෙනවා. පින්තූර පළ කරපු සැනින් රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නම් ඉහළයි.
ඔයාලත් බලන්නකෝ රුවන්ගේ හදවත දිනාගත්ත මේ සුන්දරීගේ අලුත්ම පින්තූරවල ලස්සන.




