Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා පසුගිය දිනවල රෝගාතුරුව පානදුර රෝහල්ගතව සිටි බැවින් ඔහුට සෙත්පතා පානදුර ශන්ත ජෝන් දේවස්ථානයේ (ගල් පල්ලියේ) විශේෂ දේව මෙහෙයක් ද පවත්වන ලදී.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

70 දශකයේ ප්‍රවීන ගායක පානදුරට අභිමානයක් ගෙන දුන් කලාකරු අනිල් භාරති මහතා නත්තලේ තේමා ගීතය වන් “බෙත්ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ” ගීතය ගායනා කල ශිල්පියා වෙයි.

අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

එමෙන්ම “අද වෙයි ඉරු දින – ඇය හමුවේවිද”  ,  “ටිකිරිමලි පාසැල් ගිය පොඩි අඩි පාරේ” වැනි අතිශයින්ම ජනප්‍රිය ගීත රාශියක් ගායන කර ඇත.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතාට මෝක්ෂ සම්පත්තිය ප්‍රාර්ථනා කර සිටිමු..!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!