Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ගොසිප් පුවත්

තලපති විජේ එක්ක නාමල් අමුතු පටලැවිල්ලක..!

දකුණු ඉන්දීය සිනමා තරුවක් වන තලපති විජේ ශ්‍රී ලංකා විරෝධී දේශපාලන මතයන්ගෙන් යුතුව ක්‍රියා කරන බවට විවේචන පවතින අතර, ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සුභ පැතුම් එක් කර ඇත.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය නිල X (Twitter) ගිණුම හරහා සටහනක් තබමින්, තලපති විජේ තම ප්‍රියතම රංගන ශිල්පියෙකු බව සඳහන් කර ඇත.

විජේගේ සිනමා ගමන සහ රිදී තිරයට ගෙන ආ ශක්තිය විශේෂ හා අමතක නොවන බවද ඔහු එහිදී පෙන්වා දී ඇත.

තලපති විජේ මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන අවස්ථාවේ, සිනමා ක්ෂේත්‍රයට ඔහුගේ පැමිණීම සහ ජවය අහිමි වනු ඇති බවත්, ඉදිරි කටයුතු සඳහා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

ඔහුගේ දේශපාලන මතය විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ මතය මාගේ මතයට විරුද්ධ වුවත්“තලපති විජේ සැමවිටම මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. ඔහුගේ සිනමා ගමන සහ ඔහු රිදී තිරයට ගෙන ආ ශක්තිය සැබවින්ම විශේෂ සහ අමතක නොවන ඒවා වේ. ඔහු මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන විට, සිනමාවට නිසැකවම ඔහුගේ ජවය මගහැරෙනු ඇත. ඔහුට සාර්ථකත්වය සහ ඉදිරි සෑම දෙයකටම සුබ පැතුම්.” ලෙස නාමල් රාජපක්ෂ පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!