Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ආපදාවට පත් වූ මියන්මාරයට අවශ්‍ය වෛද්‍ය ආධාර දෙන ලෙස හිටපු ජනපති රනිල් රජයෙන් ඉල්ලයි.

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මියන්මාරය සහ ශ්‍රී ලංකාව සමීප සබඳතාවක් පවතින බවත් එරට වෙසෙන ජනතාවට සහන සැලසීම සඳහා ඖෂධ ඇතුළුව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කිරීමට තමන් රජයට යෝජනා කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“2015 නේපාලයේ භූමිකම්පාවක් ඇතිවූ අවස්ථාවේදී අපි හමුදාවේ කණ්ඩායමක් යැව්වා ඉන්දියාවට පස්සේ දෙවැනියට වැඩිම ආධාර දුන්නේ ලංකාව. අද මියන්මාරයට උදව් කරන්න ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, චීනය ඈත ප්‍රදේශවල තියෙන ඔස්ට්‍රේලියාව සියල්ලම ආධාර එවලා තියෙනවා. අපිත් පියවරක් ගන්න වුවමනයි. මගේ යෝජනාව හමුදාවේ වෛද්‍ය බලකායේ සිටින වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් අපි වහාම මියන්මාරයට යවමු ඒ අයට උපකරණ දීලා මියන්මාරයේ තාවකාලික රෝහලක් ඇති කරන්න කියලා. එපමණක් නෙමෙයි එතැනදි ඒ අයට අවශ්‍ය ඖෂධ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල අපි එකතු කරලා එහෙට යවන්න පුළුවන්. ඒ සම්බන්ධය අපි ඇති කරන්න වුවමනයි…. ගිය අවුරුද්දේ ගාසා වෙනුවෙන් මම ලංකාවෙන් ඩොලර් මිලියනයක් දුන්නා. ඒ නිසා අපිත් මේ සම්බන්ධව අපිත් පියවර ගන්න කියලා මම රජයට යෝජනා කරනවා. “

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!