Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ගෑස් මිල නගිද්දි ඉන්ධන වලින් පොඩි මිනිහට ඇස් උඩ යන සහනයක්..

ලාෆ් ගෑස් මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 12.5 kg ගෑස් සිලින්ඩරයක් රු.420 කින් සහ 5kg ක ගෑස් සිලින්ඩරයක් රු. 168 කින් ඉහළට දැමීමට තීරණය කර තිබෙනවා.

ගෑස් මිල එසේ ඉහලට නගිද්දි ඉන්ධන මිලෙන් අද මධ්‍යම රාත්‍රියේ සිය මහජනතාවට සහනයක් හිමි වී තිබෙනවා.

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331කි.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!