සයුරෙන් එහා පුවත්
කැතට සිටි පකිස්තාන ඇමතිවරියක හිටිහැටියේ සුරූපී පෙනුමක් ලැබීම ගැන සමාජ මාධ්‍ය ආන්දෝලනයක්

පාකිස්තානයේ පාලක පක්ෂය වන PML-N හි ජ්‍යෙෂ්ඨ නායිකාවක් මෙන්ම වත්මන් පන්ජාබ් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මරියම් ඖරන්ගසීබ් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව සිටින්නේ ලාහෝර් නුවර පැවති විවාහ උත්සවයකදී ඇය පෙනී සිටි හාත්පසින්ම වෙනස් වූ නව පෙනුම හේතුවෙනි. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුණුපුරා සහ මරියම් නවාස්ගේ පුත්‍රයා වන ජුනයිඩ් සෆ්දර්ගේ විවාහ මංගල්‍යය සඳහා ආරාධිත අමුත්තියක ලෙස ඇය සහභාගී වූ අතර එහිදී ඇයගේ පෙනුම කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.
ජුනයිඩ් සෆ්දර් සහ ෂන්සේ අලි රොහයිල් අතර ලාහෝර් හිදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවති මෙම විවාහ මංගල්‍යයේදී මරියම් ඖරන්ගසීබ් රන් පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර ඇය පෙරට වඩා ඉතා සිහින් සිරුරකින් සහ තියුණු මුහුණුවරකින් දිස්වීම කාගේත් විමතියට හේතු වී තිබේ. ඇයගේ මෙම හදිසි වෙනස්වීම සහ දීප්තිමත් පෙනුම දුටු බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇය රූපලාවන්‍ය ශල්‍යකර්මයක් (Cosmetic Surgery) සිදුකර ඇතැයි යන සැකය මතු කර ඇති අතර, එක් අයෙකු “ඇයගේ වෛද්‍යවරයා හොලිවුඩයේ සිටින දක්ෂතම රූපලාවන්‍ය වෛද්‍යවරුන් පවා අභිබවා ගොස් ඇති” බවට සමාජ මාධ්‍ය ජාලයක් වන X හි සටහනක් ද තබා තිබිණි.
ඩුබායි හි පදිංචි වෛද්‍යවරියක් මෙම වෙනස ගැන ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර ඇති අතර, මරියම් අවුරන්සෙබ්ගේ පරිවර්තනීය පෙනුම කළේ ඇය බව පවසා ඇත. ඇයගේ ශීර්ෂ පාඨය මත පදනම්ව රෙඩිට් වෙබ් අඩවිය තුළ විශාල සංවාදයක්ද මතුව තිබේ.










