රාජ්‍ය සේවකයින්ට මෙවර අයවැයෙන් රුපියල් 25,000 කින් වැටුප් වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
භාණ්ඩ මිල, දුරකථන බිල ඇතුළු සියලු දේවල මිල ඉහළ ගොස් ඇති බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එසේම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා වෙන් කරන මුදල් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ