දේශීය පුවත්

නව කතානායක ධුරයට වෛද්‍යවරයෙක්

ජාතික ජන බලවේගයේ නව කතානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කරගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 51,391කි.

සිය ආචාර්ය උපාධියට හිමි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එල්ල වූ විරෝධය හමුවේ ජාතික ජන බලවේගයේ පළමු කතා නායකවරයා ලෙස නම් කළ අශෝක රන්වල හට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට පසුගිය දා සිදුවුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 23වැනි කතානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා හෙට (17) රැස්වන පාර්ලිමේන්තුවේ දී පත් කර ගැනීමට නියමිතයි.

වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන්ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!