Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

” බස් සහ ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලබා දිය යුතුයි ” – නාමල් රාජපක්ෂ –

යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් පැවසූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බවය.

එමෙන්ම මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව මන්ත‍්‍රීවරයා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!