දේශීය පුවත්

සංජීවගේ සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ඇත්තම කෙනාද කියලා හොයන්නත් පරීක්ෂණයක්..!

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ චිත්ති කුඩුව මත ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයාට වෙඩි තබා ඝාතනය කිරීම සමගන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු විසින්ම මේ ඝාතනය සිදු කළාද යන්න සම්බන්ධයෙන් ඉතා කුඩා සැකයක් හෝ ඇති නොවීමට අවශ්‍ය හෙයින් එදින වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාදැයි තහවුරුකර ගැනීමට එදින අධිකරණයේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුගේ මුහුණ හඳුනා ගැනීමේ විශේෂ පරික්ෂණයක් සිදුකර විශේෂඥ නිර්දේශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

එයට අමතරව සැකකරුගේ ඇඟිලි සලකුණු සහ ඩී.එන්.ඒ. පරික්ෂණයක්ක් ඇතුළු පොලිසියෙන් පරිබාහිරව විශේෂඥයන්ගේ සාක්ෂිද ලබා ගැනීම සිදු කරන බවද පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශන අනුව සැකකරු හඳුනාගත හැකි ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට ගළපාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

බත්තරමුල්ල, සුහුරුපාය පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

මේ වන විට පොලිස්ය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවට ප්‍රමාණවෙත් සක්ෂි ලෙස සැකකරු එදින භාවිත කළ ජංගම දුරකතනය ඇති බවත් ඊට අමතරව එදින හැඳ සිටි ඇදුම් ඔහුගේ ප්‍රකාග මතම ගලවා ඉවත් කළ ස්ථානයෙන් පොලිස් භාරයට ගෙන ඇති බවත් බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.

සැකකරු ඝාතනයට පෙර නැවතී සිටි නවාතැන් පොළෙන් සාක්ෂි සහ සී.සී.ටී.වී. දර්ශන ලබා ගැනීම ආදිය ප්‍රමාණවත් පරිදි සාක්ෂි මේ වන විට රැස්කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

රක්ෂණ ශ්‍රීයන්ත

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!