දේශීය පුවත්

අම්මේ මම ගිහින් එන්නම්” කියා නිවසින් එන්නට ඇති. ආපහු එනකම් මග බලන් හිටපු අම්මලාට අසන්නට ලැබුණේ මෙවන් පණිවිඩයක්.

ඊයේ දවස මුළු ලෝකයම ආදරය ගැන කතා කරද්දී, අක්කරයිපත්තුවේ නිවෙස් දෙකකින් ඇසුණේ මරණයේ මහා විලාපයයි.

තවමත් ජීවිතය දකින්නට වෙහෙසෙන, හීන දහසක් හිතේ තියාගෙන හිටපු අවුරුදු 20ක සහ 22ක පියකරු තරුණයන් දෙදෙනෙකුට අම්පාර – සියඹලාණ්ඩුව පාරේදී දෛවය සරදම් කර තිබුණේ කාටත් නොදන්වාමය.

පැමිණිගම ප්‍රදේශයේදී සිදු වූ ඒ බිහිසුණු ගැටුමෙන්, මව්පියන්ගේ ලෝකය වුණු ඒ පුතුන් දෙදෙනාගේ හුස්ම පොද තත්පර ගණනකින් වාතලයට මුසු වී ගියේය. තමන්ගේ දරුවා වැඩකට හෝ ගමනක් ගොස් ඉක්මනින් ආපසු එනු ඇතැයි මග බලා සිටි ඒ අහිංසක මව්පියන්ට අවසානයේ අසන්නට ලැබුණේ අදහාගත නොහැකි අමිහිරි පුවතකි. “පුතා තවත් නැත” යන වදන ඇසූ දින ඔවුන්ගේ ලෝකයම එතැනම නතර වන්නට ඇත.

“අම්මේ මම ගිහින් එන්නම්” කියා නිවසින් සමුගන්නට ඇති ඒ තරුණයන්, අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ නිහඬව සැතපී සිටිනු දකින්නට ලැබීම කෙතරම් වේදනාකාරීද? ජීවිතයේ වටිනාම කාලය ගෙවමින් සිටි මේ දෙදෙනාගේ අකල් සමුගැනීම දරාගන්නට ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ටත්, හිතවතුන්ටත් කිසිදා නොහැකි වනු ඇත.

අද ඒ නිවෙස්වල ඉතිරි වී ඇත්තේ ඔවුන් පාවිච්චි කළ ඇඳුම් පැලඳුම් සහ ඒ සුන්දර මතකයන් පමණි. හෙට දවසේ රටට වැඩදායී තරුණයන් වන්නට පෙරුම් පිරූ ඒ ජීවිත දෙක අද අප අතර නැත. මහ පාරේ යන තත්පරයක නොසැලකිල්ල හෝ අවාසනාවන්ත දෛවය විසින් තවත් අහිංසක පවුල් දෙකක් අනාථ කර දමා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!