දේශීය පුවත්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර පහෙන් තුනක් බිඳවැටෙයි. රෝගින් අමාරුවේ..

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණ හිට ඇති බවය.

ඒ අනුව අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!