Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

නිදහසේ නාන්න දැන් ඇමරිකානුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්..

නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.

ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් තැබුවේ, ඇමෙරිකාවේ නාන කාමරවල ‘ෂවර් හෙඩ්’ (shower head) සම්බන්ධයෙන් වූ ෆෙඩරල් නීතිවල වෙනසක් කරමින්, ‘ෂවර් හෙඩ්’ ජල පීඩනය වැඩි කරමිණි.

‘මම හරි ආසයි මගේ කාණ්ඩේ ලස්සනට තියා ගන්න. හොඳ වතුර පීඩනයක් නැතිව මට ස්නානය කිරීම ගැටලුවක්. මට පමණක් නොවෙයි, මං දන්නවා හැම ඇමෙරිකානුවන්ට ඒක ගැටලුවක්. ඉතිං නාන්න යද්දී හොඳ ජල පීඩනයක් අවශ්‍යයි. ඉක්මණින් ජලය ලැබීම අවශ්‍යයි.’ යැයි පැහැදිලි කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම විධායක නියෝගයට අත්සන් පැවැසීය.

නාන කාමරවලට ලැබෙන ජල පීඩනය අවම කිරීමට නීති සකස් කර තිබෙන්නේ, ට්‍රම්ප්ට පෙර ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඔබාමා සහ බයිඩන් පරිපාලන සමයේදීය. ඒ, ජල සංරක්ෂණ නීති අනුවය. ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව, මෙම ජල සංරක්ෂණ නීති වෙනස් වනු ඇත.

(බීබීසී)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!