අක්මීමන වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන සිරිදත් ධම්මික බව පොලිසිය පවසනවා.
ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 61ක්.
හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වූ සිරිදත් ධම්මික යන අයෙක්.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.