ක්‍රීඩා පුවත්

නවසීලන්තයට ගිය සිංහයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක් !

විස්සයි විස්ස සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සදහා නවසීලන්තයට සංචාරය කල ශ්‍රි ලංකා කන්ඩායම අද ඔවුන් සහභාගි වූ පුහුණු තරග වලින් පිට පිට ජයග්‍රහණ වාර්තා කරා…

මුල්ම තරගය පැවැත්වුනේ විස්සයි විස්ස තරගයක් විදිහට,

මේ තරගයේදී නවසීලන්ත කන්ඩායම ලකුණු 94කට සීමා කරන්න ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට හැකි වෙනවා.

  • හසරංගට කඩුලු 3යි !
  • අසලංකට කඩුලු 2යි !

ලකුණු 95ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රි ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 97ක් ලබා තරගය ජය ගත්තා.

අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක මේ තරගයේදී ලකුණු නොලබා දැවී යාම විශේශයි !

කෙසේ නමුත් කුසල් ජනිත් ලකුණු 30ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 28ක් රැස් කරමින් ශ්‍රි ලංකා ජයග්‍රහණයට පිත්තෙන් දායක වුණා.

මීලගට තිබුනේ T10 තරගයක්…!

ඒ තරගයේදී කඩුලු 2කට ලකුණු 128ක් ශ්‍රි ලංකා පිතිකරුවන් ලබා ගන්නවා. පැතුම් ලකුණු 31ක් සහ හසරංග ලකුණු 27ක් රැස් කරමින් දායක වෙනවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කර නවසීලන්තයට රැස් කිරීමට හැකි වුනේ ලකුණු 96ක් පමණයි. නුවන් තුෂාර කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව නවසීලන්ත තරග සංචාරයේ ශ්‍රි ලංකා කන්ඩායම ක්‍රීඩා කරපු පෙර පුහුණු තරග දෙකම ජය ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගන්නට සමත් වෙනවා..!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!