Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඔහුට මොන තරම් වැඩ තිබුණත්, ලැබුණු විවේකයේදී මේ ආවේ ඇයව බලන්න වෙන්න ඇති.. නොසිතූ මාරක අනතුරකින් දිවි අහිමි වූ ඔහුගේ කතාව මෙන්න

ඇසෙන්නේ තවත් එක් සංවේදී කතාවක්..

විභාගයට පෙනී සිටීමට නියමිත දිනයට පෙර ඔහු මේ එන්න ඇත්තේ ඇයව දැකගන්න තිබුණු ආසාව නිසා වෙන්න ඇති..

ඒත් ඒ කතාවේ අවසානය, ඒක හිතපු තරම් සුන්දර වුණේ නැහැ.. මේ කතාව ඇසෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්..

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවන කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුළි කණුවක ගැටී මාර්ගයට පහලින් තිබූ ජලය බෙදාහරිනු ලබන බට සහිත කොන්ක්‍රීට් බැම්මේ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබුණා…

මෙම අනතුරින් මෝටර් රථය පැදවූ අකිල සංදීප නැමති 26 හැවිරිදි තරුණයා අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වුණා…

ඔහු පෙම්වතියගේ නිවසේ සිට යළි නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර,තරුණයාට නින්ද ගොස් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ..

අනතුරින් මියගොස් මෙම තරුණයා බණ්ඩාරගම අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළෙඳ නාවිකයෙකු ලෙස රැකියාව කළ අයෙක්ද වෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!