දේශීය පුවත්

අනුරපුරෙන් හසුවූ ව්‍යාජ සෙව්වන්දි ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න.

තවමත් ඒ ප්‍රහාරය ගැන විවිධ පුද්ගලයින් කතා බහ කරනවා..

ඒ මේ සිද්ධියට සම්බන්ධ මහ මොලකාරිය වූ ඇය ගැන සොයා තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි..

මේ ඒ අතරතුර ඇසුණු තවත් වෙනස් විදිහක කතාවක්..

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි සොයා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා…

ඒ, ඇය එම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට ලැබුණු තොරතුරක් මතයි…

එහිදී ඇයගේ රුවට සමාන කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා..

ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ..

කෙසේ වෙතත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ..

මේ අතර, ගම්පහ – උග්ගල්බොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා..

පොලිසිය ප්‍රකාශ කළේ යතුරුපැදියකින් ගමන්ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ පොරබැදීමකින් රාජකාරි ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි තැබීම සිදු වූ බවයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!